පසුපස ගාත් දෙකටම වෙඩි වැදුණු අලියාගේ දිවි බේරන්න වනජීවිය සහ ගැමියෝ සටනක

පසුගිය පළමු සතිය මුලදී ඇළක වැටී සිටි අලියෙකු තවමත් ප්‍රතිකාර ලබමින් සිටියත් ඉකුත් 16වනදා වනවිටත් නැගිට ගත නොහැකිව ඇතැයි ප්‍රදේශවාසීන් පවසයි.
මේ වනවිට වනජීවිය කිහිපවිටක්ම පැමිණ ප්‍රතිකාර කළත් ඉන් සුවයක් ලැබී නැතැයිද ඔවුහු පැවසූහ.
අඩි 09ක් පමණ උස අවුරුදු 40ක් පමණ වන මෙම පිරිමි අලියා මොරවැව කුඹුරුවලට ජලය ගෙනයන ඇළක වැතිර නැගිට ගැනීමට නොහැකිව දැනට දින 10ක් පමණ මෙම ස්ථානයේ රැඳී සිටී.
ගිරිතලේ පශු වෛද්‍ය නිලධාරීන් පැමිණ කිහිපවිටක්ම ප්‍රතිකාර ලබාදුන්නද අලියා නැගිටුවීමට යන්ත්‍ර සූත්‍ර යොදා කටයුතු කළද අලියාගේ පසුපස ගාත් දෙකටම බරපතළ හානි දෙන ලෙසින් වෙඩි වැදී ඇති හෙයින් ගොඩ ගැනීමට නොහැකි වී තිබේ.
මේ වනවිට එම සතාට අවශ්‍ය ආහාරපාන ආදිය ලබාදීම ගම්වාසීන් විසින් වනජීවියේ උපදෙස් මත සිදුකරයි.
කෙසෙල්, කොමඩු, දිවුල්, උක්ගස්, මඤ්ඤොක්කා, බෙලි, දිවුල් වැනි ආහාර විශේෂත්වයක් ගන්නා බවත් තමන්ට හැකි පමණින් අසරණ සතාට කෑම, බීම ලබාදී ජීවිතය බේරා ගැනීමට සියළු වැසියන් ගෙන් ඉල්ලා සිටින බව ගම්වාසීහු පැවසූහ.
782 Views
Comments