කපුවයි - හාමුදුරුවොයි දෙවියන් බෙදාගන්න පොර කයි - පෙරහැරත් අතර මග නවතී
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
17

කපුවයි - හාමුදුරුවොයි දෙවියන් බෙදාගන්න පොර කයි - පෙරහැරත් අතර මග නවතී

කපුවයි - හාමුදුරුවොයි දෙවියන් බෙදාගන්න පොර කයි - පෙරහැරත් අතර මග නවතී

නිවිතිගල කුඩා කතරගම දේවාලයේ වාර්ෂික පෙරහැර පවත්වන අතරතුරදී දෙපාර්ශ්වයක් අතර ඇති වූ මත ගැටුමකින් එහි භාරකාරිත්වය දේවාලයට ඉබි යතුරු දමා ඇතැයි වාර්තාවේ.

 

මෙම මත ගැටුම ඇතිවී තිබෙන්නේ දේවාලයේ භාරකාරිත්වය සහ දේවාල භූමියේ පිහිටි විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේ නමක් අතරය.

 

දේවාල භූමිය සම්බන්ධයෙන් පවතින ඉඩම් ආරවුලක් මෙම මත භේදයට හේතුවී තිබෙන බව අසල්වාසීන් පවසයි.

 

මෙවර පෙරහැර 12වනදා සිට 17 දක්වා පැවැත්වීමට නියමිතව තිබුණු අතර දින දෙකක් පෙරහැර සෞඛ්‍ය නීතිරීති යටතේ මහජන සහභාගිත්වයෙන් තොරව චාරිත්‍ර ඉටුකිරීම පමණක් සිදුකොට තිබෙන අතර මෙම මත ගැටුම පසුව උදාවී තිබේ. 

 

ඒ හේතුවෙන් භාරකාරිත්වය විසින් දේවාලය වසා එහි ඉබියතුරු දමා ඇත.

views

709 Views

Comments

arrow-up