ස්කූටියේ ගිය ගුරුවරිය කැබ් රියේ හා ලොරියේ හැපී මරුට

කැබ් රථයක සහ ලොරියක ගැටී පෙරේදා(15) පස්වරුවේ සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් ජීවිතක්‍ෂයට පත්ව ඇතැයි වැලිපැන්න පොලිසිය කියයි.
වැලිපැන්න ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව තිබේ.
අනතුරෙන් අවාසනාවන්ත ලෙස මියගොස් තිබෙන්නේ මතුගම, ඕවිටිගල මහා විදුහලේ ගුරුවරියක් වන ලක්මාලී උදේශිකා නමැති 29 හැවිරිදි කාන්තාවකි.
මෙම කාන්තාව ස්කූටි වර්ගයේ යතුරුපැදියකින් මතුගම දෙස සිට අලූත්ගම දෙසට ගමන් කරමින් සිට ඇති අතර ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි කැබ් රථයක ගැටී මාර්ගය මැද බිම ඇද වැටී ඇත.
කැබ් රථයට පසුපසින් පැමිණි ලොරි රථයට ඇයගේ හිස යටවී ඇතැයි මූලික පරීක්ෂණවලදී තහවුරුව ඇති බැවින් අසල වෙළෙඳසලැක ඇති ආරක්ෂිත කැමරා පරීක්ෂා කිරීමෙන් පසු විමර්ශන සිදුකරන බව පොලිසිය කියයි.
බරපතළ තුවාල ලබා සිටි කාන්තාව එම ස්ථානයේම ජීවිතක්‍ෂයට පත්ව තිබේ.
අනතුර සිදුවීමත් සමගින් කැබ් රථ රියැදුරු පලා ගොස් ඇති අතර ඔහු සොයා පරීක්ෂණ සිදු කරන බවත්, රිය අනතුරක් වළක්වා නොගැනීම සම්බන්ධයෙන් ලොරි රථ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිසිය කියයි.
742 Views
Comments