නිවාස විනාශ කරමින් යාපනයේ මැරයින් වැඩ අරඹයි

යාපනයේ මැරයන් පිරිසක් විසින් ඔවුන්ට ප්‍රතිවිරුද්ධ කණ්ඩායම්වලට අයත් සාමාජිකයින්ගේ නිවාස හයකට 27දා ප්‍රහාර එල්ල කොට එම නිවාස දෙකකට ගිනි තබා විනාශ කොට ඇත.
යාපනයේ වඩමාරච්චි අල්වායී ප්‍රදේශයේ නිවාස දෙකකට මෙලෙස ගිනි තබා ඇති අතර අනෙක් නිවාසවල භාණ්ඩ විනාශකොට පළා ගොස් තිබේ.
පෙට්‍රල් වත්කොට නිවාසවලට ගිනි තැබීමෙන් අනතුරුව ඒවායෙහි අයිතිකරුවන් පේදුරුතුඩුව පොලීසියට පැමිණිලි කර තිබේ.
පොලිසිය විසින් මෙම සිද්ධීන්වලට සම්බන්ධ බවට සැකකෙරෙන එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
පේදුරුතුඩුව පොලීසිය සඳහන් කරන්නේ මෙම අපරාධ සිදුකළ කණ්ඩායම යාපනයේ ප්‍රචණ්ඩ ක්‍රියාවලට හා කප්පම් ගැනීමේ සිද්ධීන්ට සම්බන්ධ පිරිස් බවයි.
සිද්ධිය පිළිබඳ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
777 Views
Comments