හැඳුනුම්පත් 2යි, හොර පාස්පෝට් 1යි, කසාද 3යි - රට වටේම සල්ලි ගැරූ අමුතු හොරෙක් මාට්ටු
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
22

හැඳුනුම්පත් 2යි, හොර පාස්පෝට් 1යි, කසාද 3යි - රට වටේම සල්ලි ගැරූ අමුතු හොරෙක් මාට්ටු

හැඳුනුම්පත් 2යි, හොර පාස්පෝට් 1යි, කසාද 3යි - රට වටේම සල්ලි ගැරූ අමුතු හොරෙක් මාට්ටු

ජාතික හැඳුනුම්පත් දෙකක් සහ ව්‍යාජ ගමන් බලපත්‍රයක් ලග තබා ගනිමින් විවාහ 3ක් සිදුකර ලක්ෂ ගණනින් මුදල් වංචා කළ 39 හැවිරිදි පුද්ගලයකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

සැකකාර පුද්ගලයා පුවත්පත්වල පළවන මංගල යෝජනා වලට අමතමින් එම කාන්තාවන් විවාහ කරගෙන  ඔවුන්ගෙන් මුදල් කඩා ගැනීම ඔහුගේ ජීවනෝපාය කරගෙන තිබුණා.

 

ඔහු විසින් මෙලෙස කරගත් විවාහ තුනක් පිළිබඳව මේ වන විට තොරතුරු අනාවරණය වී ඇති අතර එම බිරින්දෑවරුන් තිදෙනා සමග ඔහුගේ දරුවන් අට දෙනෙකු සිටින බවද හෙළිව තිබෙනවා.

 

මොහු විසින් එම කාන්තාවන්ගෙන් සීමා විරහිත ව මුදල් වංචා කර ඇති අතර ඉන් එක් කාන්තාවකගෙන් රුපියල් එක්කෝටි පනස් ලක්ෂයක් පමණ මුදලක් ලබාගෙන ඇයව මඟ හැර ගොස් තිබෙනවා.

 

තවද මොහු මූල්‍ය ආයතනයකින් රුපියල් ලක්ෂ 62 ක ණය මුදලක් ලබාගෙන එය ද නොගෙවා සිට ඇති බව සොයා ගැනුණා.

 

මෙම වංචාකරු පිළිබඳව ලැබුණු තොරතුරු වලට අනුව ඔහුව අත්අඩංගුවට ගැනීමට පොලිසිය ක්‍රියා කළ අතර සැකකාර පුද්ගලයා ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

 

 

 

 

 

 

 

 

source: lankadeepa

views

1463 Views

Comments

arrow-up