එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්නේ විමර්ශන වාර්තාව අවසන් කොට නැහැ - නීතිපති දෙපාර්තමේන්තුව

පසුගියදා ගිනි ගැනීමට ලක්වූ express පර්ල් නෞකාවේ ගින්න සම්බන්ධයෙන් විමර්ශන වාර්තා අවසන් කොට නැති බව නීතිපති දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට දන්වා ඇත.
මෙම නෞකාව ගිනි ගැනීමෙන් පසු සිදු වූ සමුද්‍රීය දූෂණය ,පරිසර දූෂණය ,මුහුදු ජීවින්ගේ මියයෑම සම්බන්ධව සමුද්‍රීය පරිසර අධිකාරිය,වනජීවී දෙපාර්තමේන්තුව,රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව එක්ව සිදුකරන පරීක්ෂණ අවසන් කොට නැති බවත් තවමත් විමර්ශන කටයුතු සිදු කරන බවත් නීතිපති දෙපාර්තමේන්තුව විසින් කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඉදිරියේ නඩුව කැදවූ අවස්ථාවේ ප්‍රකාශ කර ඇත.
419 Views
Comments