සෞඛ්‍ය උපදෙස් නොතැකුවොත් ඉදිරියේදී මසකට මරණ 4500 වේවි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා පවසා සිටියේ පවතින තත්වය හමුවේ සෞඛ්‍ය නීති රීති උල්ලංඝණය කළොත් කොවිඩ් රෝගීන් 4000ත් 4500ත් අතර ප්‍රමාණයක් මසක් ඇතුලත මිය යාමේ අවදානමක් ඇති බවයි.
එතුමා තවදුරටත් කියා සිටියේ වාර්තා වන රෝගීන්ගෙන් වැඩි ප්‍රමාණයක් ඔක්සිජන් මත යැපෙන අතර කොළඹ ජාතික රෝහලේ ඇදන් සංඛ්‍යාව සම්පූර්ණයෙන්ම රෝගීන්ගෙන් පිරී ඇති බවයි.
එමෙන්ම ළමා රෝහලේ ඇදන් සංඛ්‍යාවට වැඩිය රෝගීන් වාර්තා වීම ගැටළුකාරී තත්වයක් වී ඇති බවද වෛද්‍යවරයා පවසා සිටියේය.
රටේ යුද සමයේදීවත් මෙතරම් මිනිසුන් ප්‍රමාණයක් මිය නොගිය බවද මෙය භයානක තත්වයක් බවද ඔහු කියා සිටියේය.
867 Views
Comments