රුහුණු මහා කතරගම පෙරහැර සාර්ථකව නිමවෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
24

රුහුණු මහා කතරගම පෙරහැර සාර්ථකව නිමවෙයි

රුහුණු මහා කතරගම පෙරහැර සාර්ථකව නිමවෙයි

රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍ය අද(24) මැණික් ගඟේ දිය කැපීමේ මංගල්‍යයෙන් පසු සාර්ථකව අවසන් විය.

 

 සුභ නැකතින් ඊයේ රාත්‍රී 7.22  අවසන් මහා පෙරහැර කිරිවෙහෙර දක්වා වීදි සංචාරය කොට කිරිවෙහෙර සෑ රඳන් වෙත පුද පඬුරු පුජා කර ආශීර්වාදය ලබා ගැනීමෙන් අනතුරුව කිරිවෙහෙර විහාරාධිපති කොබවක ධම්මින්ද හිමියන් විසින් ආගමිකවතාවත් සිදු කිරීමෙන් පසු බස්නායක නිළමේ වන ඩිෂාන් ගුණසේකර මහතා සහ මොණරාගල දිසා ලේකම් ගුණදාස අමරසිංහ යන මහත්වරු පෙරහැර ඉතාම හොඳින් අවසන් කළ බව නිවේදනය නිකුත් කරන ලදී.

 

ඉන් අනතුරුව පෙරහැර නැවත මහා දේවාලය වෙත පැමිණ වල්ලි අම්මා දේවාලය වෙත ගොස් චාරිත්‍ර ඉටු කිරිමෙන් පසු නැවත මහා දේවාලය වෙත ගෙවදිමෙන් පසුව නිමාවට පත්විය. දිය කැපීමේ මංගල්‍ය අද(24) උදෑසන මැණික් ගඟේ දි සිදු කළේය.

views

887 Views

Comments

arrow-up