එන්නත නොගත් පුද්ගලයන් ගැන වාර්තාවක් කැදවන්න - ජනපති
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
31

එන්නත නොගත් පුද්ගලයන් ගැන වාර්තාවක් කැදවන්න - ජනපති

එන්නත නොගත් පුද්ගලයන් ගැන වාර්තාවක් කැදවන්න - ජනපති

මේ වන විට රටේ පවති කොරෝනා අවදානම හේතුවෙන් සෑම දිස්ත්‍රික්කයකටම කොරෝනා එන්නත් තොග ලබාදී අැති අතර මේ වන විටත් බහුතරයකට එන්නත් කර ඇත.මේ අතරම මෙම අවස්ථාව ලබානොගෙන එන්නත මගහැරූ පුද්ගලයන් සෙවීමට  රජයේ අවධානය යොමු වී ඇත.

 

 

දිවයිනේ සියලු ප්‍රදේශ අළලා එන්නත නොගත් පිරිස පිළිබඳ සංගණනයක් සිදු කරන ලෙස වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දී ඇති බව වාර්තා වේ.

 

 

මෙයට හේතු වී ඇත්තේ කෝවිඩ් ආසාදිත මියගිය සියයට 95% කට වැඩි පිරිසක් එන්නත ලබා නොගත් අයද එන්නත ලබා ගැනීමෙන් කොවිඩ්  ආසාදනයෙන් මිය යෑම වැළකෙන බව පර්යේෂණ මගින්ද ඔප්පු වී ඇති නිසාත් මෙම එන්නත් නොගත් පුද්ගලයන් පිලිබද විමර්ශනයක් සිදුකොට ඔවුන් එන්නත ලබා ගැනීමට දිරිමත් කිරීම තමාගේ අවශ්‍යතාවය බවත් ජනපති ගෝථාභය රාජපක්ෂ මහතා පැවසීය.

views

841 Views

Comments

arrow-up