කොවිඩ් නසන එන්නත් වලට ඇමරිකානු ඩොලර් මිලියන 110ක් රජය වැය කරල
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
31

කොවිඩ් නසන එන්නත් වලට ඇමරිකානු ඩොලර් මිලියන 110ක් රජය වැය කරල

කොවිඩ් නසන එන්නත් වලට ඇමරිකානු ඩොලර් මිලියන 110ක් රජය වැය කරල

භාණ්ඩාගාර සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්.ආටිගල මහතා පවසා සිටියේ කොවිඩ් මර්දන එන්නත් ආනයනය සදහා රජය විසින් මේ වනවිට ඇමරිකානු ඩොලර් මිලියන 110ක් මුදලක් වැය කර ඇති අතර ජුනි මාසය වනවිට එන්නත්කරණයට හැර කොවිඩ් වසංගත තත්වය පාලනයට පමණක් රුපියල් මිලියන 53,000ක මුදලක් වැය කර ඇති බවයි.

 

 


මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේ පෙර වර්ෂයේ මුල් මාස හය සමග සැසදීමේදී මෙම වසරේ මුල් මාස හය තුළ බදු ආදායම 8%කින් ඉහළ ගොස් ඇති අතර රට වසා දමා තිබියදීත් රටේ ආර්ථික ක්‍රියාකාරකම් වැඩි වී ඇති බවයි.

 

 


එතුමා තවදුරටත් පවසා සිටියේ කොවිඩ් මර්දන එන්නත්කරණ ඉලක්කය සපුරාගත යුතු නිසා එන්නත් ලබා ගැනීමට මුල් තැන ලබාදීමට කටයුතු කරන බවයි.

views

940 Views

Comments

arrow-up