කොරෝනාවෙන් ඉන්දීයාවේ වෛද්‍යවරුන් 382 ක් මිය ගිහින්
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
18

කොරෝනාවෙන් ඉන්දීයාවේ වෛද්‍යවරුන් 382 ක් මිය ගිහින්

කොරෝනාවෙන්  ඉන්දීයාවේ  වෛද්‍යවරුන් 382 ක් මිය ගිහින්

කොවිඩ් වෛරසය ආසාදනය වූ පුද්ගලයන් අතින් ඉන්දියාව සිටින්නේ දෙවැනි ස්ථානයේය. එරටින් මෙතෙක් මිලියන 5.2 කට වැඩි ආසාදිතයන් ප්‍රමාණයක් හමු වී ඇති අතර 84,404 දෙනෙකුට ජීවිතය අහිමි වී තිබෙනවා. මරණ සංඛ්‍යාව අතින් ඉන්දියාව සිටින්නේ තුන්වන තැනයි.

කොවිඩ් 19 වෛරසයේ හේතුවෙන් මියගිය ඉන්දියානුවන් අතර වෛද්‍යවරුන් 382 ක් සිටින බව වාර්තා වේ. ඉන් බහුතරයක් කොවිඩ් ආසාදිතයන්ට ප්‍රතිකාර සිදු කිරීමේ නිරතව සිටි වෛද්‍යවරුන් වේ. මීට අමතරව එම කටයුතුවල නිරතව සිටි සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තවත් සේවකයන් රැසක්ම මියගොස් තිබෙනවා.

මේ වනවිට කොවිඩ් වෛරසය හේතුවෙන් වැඩිම සෞඛ්‍ය සේවකයන් පිරිසක් මියගොස් ඇති රට වන්නේද ඉන්දියාවයි.

මෙම තත්වය හමුවේ ඉන්දීය සෞඛ්‍ය සේවකයන් දැඩි ජීවිත අවදානමකට මුහුණ දී සිටින අතර ඉන්දීය රජය සෞඛ්‍ය සේවකයන් සම්බන්ධයෙන් දක්වන සැලකිල්ල ප්‍රමාණවත් නොවන බවටද චෝදනා එල්ල වී තිබෙනවා.

ඉන්දියාවෙන් දෛනිකව ලක්ෂයකට ආසන්න නව ආසාදිතයන් වාර්තා වන අතර ඊට සාපෙක්ෂව දිනපතා දහසකට වැඩි මරණ ප්‍රමාණයක්ද වාර්තා වේ.

 

views

789 Views

Comments

arrow-up