60 ට වැඩි තානාපතිවරුන්ට යළි මව්රට එන්නැයි රජයෙන් නියෝග
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
11

60 ට වැඩි තානාපතිවරුන්ට යළි මව්රට එන්නැයි රජයෙන් නියෝග

60 ට වැඩි තානාපතිවරුන්ට යළි මව්රට එන්නැයි රජයෙන් නියෝග

විදේශ රටවල් අටක සේවය කරන වයස 60 ට වැඩි තානාපතිවරුන්ට ඔක්තෝබර් 4 වැනිදාට පෙර මෙරටට පැමිණෙන ලෙස රජය නියෝග කර තිබෙනවා.


නිව්යෝර්ක් සිට ෂෙනුකා සෙනෙවිරත්න, කැනඩාවේ සිට අශෝක ගිරිහාගම, ස්වීඩනයේ සිට සුදන්ත ගනේගමආරච්චි, ඊජිප්තුවේ සිට දමයන්ති රාජපක්ෂ, කියුබාවේ සිට ඒ. එල්. රත්නපාල, නෙදර්ලන්තයේ සිට සුමිත් නාකන්දල සහ ටෝකියෝ සහ චීනය යන රටවල තානාපති නිලධාරීන්ද මෙලෙස ශ්‍රී ලංකාවට කැඳවා ඇතැයි සඳහන්.


රජය විසින් තානාපතිවරු රැසක් කැඳවා ඇත්තේ විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රතිසංවිධානය කිරීමේ අරමුණින් බවයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කළේ.
මේ අතර චීනයේ නව තානාපති ලෙස හිටපු විදේශ ලේකම් පාලිත කොහොන මහතා සහ ප්‍රංශයේ තානාපතිනි ලෙස හිටපු උපකුලපති ක්ෂණිකා හිරිඹුරේගම මහත්මිය පත් කළා.


මීට අමතරව ජපානයේ නව තානාපති ලෙස ඇමරිකානු ව්‍යාපාරික සන්ජීව් ගුණසේකර මහතාද, හිටපු නාවික හමුදාපති පියල් ද සිල්වා මහතා ඇෆ්ගනිස්ථානයේ තානාපති ලෙසද පත් කර තිබෙනවා.

 

views

775 Views

Comments

arrow-up