කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
11

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්

‍කොළඹ ප්‍රදේශ රැසකට හෙට(12) සහ අනිද්දා(13) පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

 
ඒ අනුව කොළඹ 09, 10, 11, 12, 13, 14 සහ කොළඹ 15 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති.


හෙට රාත්‍රී 10.00 සිට පසුදින පෙරවරු 10.00 දක්වා කාලය තුළ ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේය.


බෙදා හැරීමේ පද්ධතියේ අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමේ කටයුත්තක් සහ අඹතලේ සිට එළිහවුස් දක්වා ජලය සැපයෙන ප්‍රධාන නළයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් එලෙස ජල සැපයුම අත්හිටුවීමට තීරණය කර ඇත.

 

views

744 Views

Comments

arrow-up