‘එස්.එෆ්. ලොක්කා’ කාන්තාවන් ඇසුරු කර සියල්ල පටිගත කරලා- වීඩියෝත් බෙදා හැරලා..ගැහුණු අතර ගැටුම් ඇවිලේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
11

‘එස්.එෆ්. ලොක්කා’ කාන්තාවන් ඇසුරු කර සියල්ල පටිගත කරලා- වීඩියෝත් බෙදා හැරලා..ගැහුණු අතර ගැටුම් ඇවිලේ

 ‘එස්.එෆ්. ලොක්කා’ කාන්තාවන් ඇසුරු කර සියල්ල පටිගත කරලා- වීඩියෝත් බෙදා හැරලා..ගැහුණු අතර ගැටුම් ඇවිලේ

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන ඉරෝන් රණසිංහ හෙවත් එස්.එෆ්. ලොක්කා අබිරහස් අන්දමින් වෙඩි තබා ඝාතනය වීමට පෙර කාන්තාවන් සමඟ ඇසුරු පවත්වා ඒවා පටිගත කර ඇති බව ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන අනුරාධපුර මූලස්ථාන පොලිසිය අනාවරණය කරගෙන තිබෙනවා.

 

අනුරාධපුර කාර්මික පෙදෙස දහයියාගම හන්දිය ප්‍රදේශයේ පදිංචිව සිටි ආර්.එම්. ඉරෝන් රණසිංහ හෙවත් ‘එස්.එෆ්. ලොකු’ පසුගිය අගෝස්තු මස 05දා දහවල් නාඳුනන වෙඩික්කරුවකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ඝාතනය වුණා.

 

කාන්තාවන් දෙදෙනකු අතර ඇතිවූ ආරවුලක් සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය විසින් සිදුකළ විමර්ශනවලදී කාන්තාවන් දෙදෙනාගේම පෞද්ගලික ජංගම දුරකථන පරීක්ෂා කළ අවස්ථාවේ ඝාතනයට ලක්වූ එස්.එෆ්. ලොක්කා සමඟ කාන්තාවන් පැවැත්වූ සබඳතා ඔහු පටිගත කර ඇති බව පොලිසිය අනාවරණය කරගෙන තිබෙනවා.

 

ඉරෝන් රණසිංහ අනියම් බිරියන්වරුන් 25 දෙනකු සමඟ සබඳතා පවත්වා ඇති බව පොලිසිය මීට පෙර අනාවරණය කරගෙන තිබූ අතර ඔහු කාන්තාවන් සමඟ ඇසුරු පවත්වද්දී එම කටයුත්ත ඉතා සූක්ෂ්මව ජංගම දුරකථනයකින් හෝ වෙනත් පටිගත කිරීමේ උපකරණයකින් පටිගත කර තම සන්තකයේ තබාගෙන ඇති බවත් ඒවා අනියම් බිරියන්වරුන් අතර බෙදාහැර ඇති බවට සැකයක් පවතිනා බවත් පොලිසිය පවසනවා.

 

එමෙන්ම ඝාතනයට ලක්වූ එස්.එෆ්. ලොක්කා දකුණු පළාතේ පිරිමි පුද්ගලයන් ඇසුරු කරනා ව්‍යාපාරිකයකු සමඟ සබඳතාවක් පවත්වා තිබෙන බවත් පොලිසියට අනාවරණය වී ඇති බව සඳහන්

 

 

views

1328 Views

Comments

arrow-up