මධුෂ්ගේ සහයක "වැලිහිඳ කලූ" අත්අඩංගුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
11

මධුෂ්ගේ සහයක "වැලිහිඳ කලූ" අත්අඩංගුවට

මධුෂ්ගේ සහයක "වැලිහිඳ කලූ" අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන මේ වන විට අත්අඩංගුවේ පසු වන මාකඳුරේ මධූෂ් නැමැත්තාගේ ගෝලයෙකු වන නුවන් රණවක හෙවත් වැලිහිඳ කලූ නැමැත්තා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

මාතර, වැලිගම, දෙනිපිටිය ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් පිරිසක් විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 3 කට ආසන්න ප්‍රමාණයක් ද සොයා ගෙන තිබෙනවා.

 

මේ අතර ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයෙකුගේ රියදුරු වශයෙන් සේවය කළ බව කියන කොන්ඩ රිස්වාන් නැමැත්තා දින 7 ක රැදවුම් නියෝග මත රඳවා තබා ප්‍රශ්න කිරීමට මහර අංක 1 අධිකරණ ප්‍රධාන මහේස්ත්‍රාත් රුවන් පතිරණ මහතා ඊයේ නියම කළා.

 

කිරිබත්ගොඩ පොලීසිය කොළඹ අලුත්කඬේ උසාවි සංකීර්ණය ඉදිරිපිට ඇති මාර්ගයේ දී හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් සැකපිට ඔහු අත්අඩංගුවට ගැනුණා.

 

අනතුරුව සිදුකළ මූලික ප්‍රශය්න කිරීම්වලදී මොහු ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයෙකු වන දෙමටගොඩ චමින්ද නැමැතත්තාගේ රියදුරු වශයෙන් කටයුතු කර ඇති බවට සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම පාතාල සහ අපරාධ කල්ලි සාමාජිකයෙකු බවට අනාවරණ වී ඇති බවයි කිරිබත්ගොඩ පොලීසිය අධිකරණය හමුවේ පවසා ඇත්තේ.

 

views

1031 Views

Comments

arrow-up