ලේක්හවුස් ගොඩනැගිල්ලත් හෝටලයකට විකුණන්න යයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
30

ලේක්හවුස් ගොඩනැගිල්ලත් හෝටලයකට විකුණන්න යයි

ලේක්හවුස් ගොඩනැගිල්ලත් හෝටලයකට විකුණන්න යයි

රජයේ ප්‍රධානතම පුවත්පත් ආයතනය වන ලේක් හවුස් ආයතනය පිහිටි ඉඩම සහ ගොඩනැගිල්ල හෝටල් සංකීර්ණයක් සඳහා ආයෝජකයෙකුට විකිණීමට ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත ජනපතිවරයාගෙන් යෝජනාවක් ඉදිරිපත් වී ඇත.

 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබෙන්නේ දැනට අතිශය පාඩු පිට පවත්වා යන ලේක් හවුස් ආයතනයේ සේවක වැටුප් ගෙවීමේ ගැටලු‍ව සහ ණය ගෙවීමේ ගැටලු‍ව විසඳීමේ අරමුණින් බව අද(30) දින ජාතික පුවත්පතක් වාර්තා කර තිබේ.

 

ලබා ගන්නා මුදලින් කොළඹ නගරයේ වෙනත් ස්ථානයක ලේක්හවුස් ආයතනය ආරම්භ කිරීමට හෝ ආයතනය ඈවර කිරීමටද යෝජනා වී ඇත.

 

පැරණි ගොඩනැගිලි සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනයට රුකුලක් බැවින් මෙහි හෝටල් සංකීර්ණයක් ඉදිකිරීම අරමුණ වී ඇති බව ජනමාධ්‍ය අමාත්‍යාංශය කියයි.

 

ලේක් හවුස් ආයතනය පිහිටි ඉඩම අනූනව අවුරුදු බදු යටතේ ලබා දී ඇති අතර එම බදු කාලයද ලබන වසරේදී අවසන් වීමට නියමිතය. 


වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සීයා වන ඩී.ආර්. විජයවර්ධන ලේක් හවුස් ආයතනයේ නිර්මාතෘවරයා වන අතර එය 1972-1977 සිරිමා බණ්ඩාරනායක අගමැති සමයේ රජයට පවරාගෙන තිබුණි.

views

258 Views

Comments

arrow-up