දුම්රියක් තුළ ඇතිවූ ගැටුමකින් දුම්රිය ආරක්ෂක නියාමකවරයෙකු ජීවිතක්ෂයට
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
23

දුම්රියක් තුළ ඇතිවූ ගැටුමකින් දුම්රිය ආරක්ෂක නියාමකවරයෙකු ජීවිතක්ෂයට

දුම්රියක් තුළ ඇතිවූ ගැටුමකින් දුම්රිය ආරක්ෂක නියාමකවරයෙකු ජීවිතක්ෂයට

කොළඹ සිට යාපනය බලා ධාවනය වූ  සීඝ්‍රගාමී දුම්රියේ ඇතිවූ ගැටුමක් අතරතුර දුම්රිය ආරක්ෂක නියාමකවරයෙකු දුම්රියෙන් පිටතට ඇද වැටී  මියගොස් තිබේ.

 

මෙම දුම්රියේ ගමන් කළ පිරිසක් මත්පැන් පානය කරමින් ගමන් කර ඇති අතර ඔවුන් එහි රැඳී සිටින අනෙක් මගීන් සමග බහින් බස් වීමක් ඇති කරගෙන තිබේ.

 

පසුව ඔවුන් දුම්රිය ආරක්ෂක නියාමකවරුන් සමග ද බහින්බස්වීමක් ඇතිකරගෙන තිබූ අතර එය දුරදිග යාමෙන් ගැටුමක් හටගෙන තිබේ.

 

එම ගැටුම අතරතුර එක් ආරක්ෂක නියාමකවරයෙකු දුම්රියෙන් පිටතට ඇද වැටී මිය ගොස් තිබේ.

 

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වේයන්ගොඩ පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

views

268 Views

Comments

arrow-up