ජනතා පරමාධිපත්‍යයට අනුව ජනපති තෝරන ලෙස නීතිඥ සංගමයෙන් ඉල්ලීමක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
16

ජනතා පරමාධිපත්‍යයට අනුව ජනපති තෝරන ලෙස නීතිඥ සංගමයෙන් ඉල්ලීමක්

ජනතා පරමාධිපත්‍යයට අනුව ජනපති තෝරන ලෙස නීතිඥ සංගමයෙන් ඉල්ලීමක්

ශ්‍රී ලංකාවේ නෛතික සහ ව්‍යවස්ථාපිත යාන්ත්‍රණයන් පිළිබඳ මහජන විශ්වාසය යථා තත්ත්වයට පත්වන අයුරින් කඩිනමින් ජනාධිපතිවරයකු තෝරා පත් කර ගැනීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා නීතීඥ සංගමය කතානායකවරයාගෙන් ඉල්ලා සිටිනවා.

 

ජුලි නව වැනි දින පක්ෂ නායක රැස්වීමේදී ගත් තීරණ අනුව ජනාධිපතිවරයකු පත් කර ගැනීමේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ශ්‍රී ලංකාවේ සමස්ත මැතිවරණ කොට්ඨාශය ම නියෝජනය කරන බැවින් ජනතා පරමාධිපත්‍යයට ගරු කරමින් එම භාරදූර කාර්යය ඔවුන් විසින් ඉටු කළ යුතු බවයි නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටින්නේ.

 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ 1981 අංක 2 දරන ජනාධිපතිවරණය විශේෂ විධිවිධාන පනත ප්‍රකාරව නව ජනාධිපතිවරයකු තෝරා ගැනීම හැකි ඉක්මනින් සිදු කරන ලෙසද එම නිවේදනයේ සඳහන්.

views

265 Views

Comments

arrow-up