JUL
23
පිළියන්දල දී පොලිස් නිලධාරියෙක්ට කියතකින් පහරදීමට තැත් කරයි

පිළියන්දල මඩපාත ඉන්ධන පිරවුම්හලක දී පොලිස් නිලධාරියෙක්ට කියතකින් පහර දීමට තැත් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
දිනයට නියමිත වාහනයේ අවසාන අංකයට වෙනස් අංකයක් ඇති වාහනයකට ඉන්ධන ලබා ගැනීමට පැමිණි පුද්ගලයෙකු හා පොලිස් නිලධාරියා සමඟ ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යෑමෙන් අදාළ පුද්ගලයා එලෙස කියතකින් පහරදීමට උත්සාහ කර තිබේ.
අදාළ සිද්ධිය එම ඉන්ධන පිරවුම්හලේ සීසීටීවී කැමරා වල ද පටිගත වී තිබුණි.
280 Views
Comments