රුපියල් මිලියන 19කට වැඩි වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට

යාපනය කයිට්ස් දූපතේ අල්ලප්පිඩ්ඩි වෙරළ තීරය ආශ්‍රිත ව සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී වෙරළ තීරයට ගොඩ ගසන ලද පාර්සල් තුනක අසුරා තිබූ කේරල ගංජා කිලෝග්‍රෑම් 14 ග්‍රෑම් 480ක ප්‍රමාණයක් සොයා ගැනීමට නාවික හමුදා නිලධාරීන් සමත් වී තිබෙනවා.
මෙම ගංජා තොගයේ දල වටිනාකම රුපියල් මිලියන 19කට අධික වන අතර නාවික හමුදා මෙහෙයුම් හමුවේ ගොඩබිමට රැගෙන ඒමට නොහැකිව ජාවාරම්කරුවන් විසින් මෙලෙස අතහැර දමා යන්නට ඇතැයි සැක කෙරෙනවා.
නාවික හමුදා භාරයට ගත් මෙම කේරල ගංජා තොගය නීතිමය කටයුතු සඳහා යොමු කරන තෙක් නාවික හමුදා භාරයේ ම තබා තිබෙන බවයි වාර්තා වන්නේ.
251 Views
Comments