ඇසළ පෙරහර ඇරඹීමට කටයුතු සූදානම්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
23

ඇසළ පෙරහර ඇරඹීමට කටයුතු සූදානම්

ඇසළ පෙරහර ඇරඹීමට කටයුතු සූදානම්

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහර මංගල්‍යය සඳහා කප් සිටුවීම ලබන 29 වන දා සිදුකෙරෙන අතර පළමු කුඹල් පෙරහර අගෝස්තු දෙවන දා ආරම්භ වීමට නියමිතයි.

ඒ අනුව අගෝස්තු හත් වන දා සිට රන්දෝලි පෙරහැර ආරම්භ වන අතර අවසන් රන්දෝලි පෙරහර අගෝස්තු එකොළොස් වනදා රාත්‍රියේ වීදි සංචාරය කිරීමටයි නියමිතව ඇත්තේ.

මෙවර මහනුවර ඇසළ පෙරහර මංගල්‍ය සඳහා මේ වන විට සියලූ කටයුතු සූදානම් වෙමින් පවතින බවයි පෙරහැර කටයුතු සම්බන්ධයෙන් ඊයේ පැවති සාකච්ඡාවක දී දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ප්‍රකාශ කර සිටියේ.

ඒ අනුව පාසල් අධ්‍යයන කටයුතුවලට බාධාවක් නොවන ආකාරයෙන් පෙරහර මංගල්‍ය පැවැත්වෙන බවද මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා ප්‍රකාශ කර සිටියා.

views

279 Views

Comments

arrow-up