කාන්තාවක් පාරේ ඇද වැටී මියයයි - පැය ගණනාවක් යනතුරු උදව්වට කවුරුත් පැමිණ නෑ
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
21

කාන්තාවක් පාරේ ඇද වැටී මියයයි - පැය ගණනාවක් යනතුරු උදව්වට කවුරුත් පැමිණ නෑ

කාන්තාවක් පාරේ ඇද වැටී මියයයි - පැය ගණනාවක් යනතුරු උදව්වට කවුරුත් පැමිණ නෑ

මාර්ගය අයිනේ වැටුණු කාන්තාවක් පැය ගණනාවක් යනතුරු කිසිවෙකුගේ උපකාරයක් නොමැතිව මිය ගොස් සිටි බව වැලිපැන්න පොලිසිය සඳහන් කරයි.

 

වැලිපැන්න - වලගෙදර ප්‍රදේශයේ අලු‍ත්ගම, මතුගම ප්‍රධාන මාර්ගය අසල පෙරේදා(19) දහවල් වයස 55 - 60ක පමණ කාන්තාවක් වැටී සිට ඇති අතර මේ දිනවල පවතින කොවිඩ් අවදානම හේතුවෙන් කිසිවෙකු ඇයට උපකාර කිරීමට ඉදිරිපත්වී නොමැති බව පොලිසිය පවසයි.

 

ප්‍රදේශවාසියෙකු එදින සන්ධ්‍යාවේ 119 අංකයට ලබාදුන් ඇමතුමක් අනුව එම ස්ථානයට පැමිණි වැලිපැන්න පොලිසියේ නිලධාරීන්ට නිරීක්ෂණය වී ඇත්තේ එම කාන්තාව මිය ගොස් ඇති ආකාරයයි.

views

1078 Views

Comments

arrow-up