07හැවිරිදි සිඟිති දැරිය කෙළෙසූ ටේලර්ට වැඩ වරදී

තමාට අයත් කුරුණෑගල වත්තේ සේවය කළ කාන්තාවකගේ 7 හැවිරිදි කුඩා දැරිය දූෂණය කිරීම සම්බන්ධයෙන් අධිචෝදනා ලැබූ ටේලර්වරයකුට එරෙහිව නීතිපතිවරයා විසින් මීගමුව මහාධිකරණ විනිසුරු ආර්. ඩී. පී. පී. රත්නායක මහතා හමුවේ අධිචෝදනා භාරදී 23 දා නඩු පවරන ලදී.
බාලවයස්කාර ස්ත්‍රී දූෂණය සම්බන්ධයෙන් අධිචෝදනා ලැබූ විත්තිකරු වූයේ කටුනායක ගුවන් හමුදා කඳවුර මාවතේ පදිංචි සිව්දරු පියෙකි.
2019 අගෝස්තු මස කුරුණෑගල වත්තේ දී දින 2 ක් 7 හැවිරිදි දැරිය දූෂණය කිරීම සම්බන්ධයෙන් විත්තිකරු අධිචෝදනා ලබා තිබිණි.
අධිචෝදනා භාරදීමෙන් අනතුරුව රිමාන්ඩ් භාරයට පත් කළ විත්තිකරු වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ මහින්ද සුගතදාස මහතා විසින් ඉදිරිත් කළ ඇප ඉල්ලීම මත විත්තිකරු රු. 25,000ක මුදල් ඇප සහ රුපියල් ලක්‍ෂ 5 බැගින් ශරීර ඇප දෙකක් මත අත්අඩංගුවෙන් මුදාහැරීමට අධිකරණය නියෝග කළේය.
රජයේ අධිනීතිඥ එරන්දි දසනායක මහත්මිය පැමිණිල්ල මෙහෙයවීය.
254 Views
Comments