අද කාලගුණය

ගිනිකොණ දිග බෙංගාල බොක්ක සහ ඊට යාබද උතුරු අන්දමන් සාගරය ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය නොවැම්බර් මස 19 වන දින වනවිට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී, බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් 2022 නොවැම්බර් මස 20 සහ21 දින වනවිට ශ්‍රී ලංකාවේ උතුරු වෙරළට ආසන්නව ගමන් කිරීමේ වැඩි හැකියාවක් පවතී.
උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලවිටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැක.
උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි ස්වල්පයක් ඇති වේ.
දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි නොමැති කාලගුණ තත්ත්වයක් පවතී.
සබරගමුව, ඌව සහ මධ්‍යම පළාත්වල උදෑසන කාලයේ මිදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.
කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවලතැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං උතුරු දෙසින් හමා එයි. සුළගේ වේගය පැ.කි.මී. (25-35) පමණ වේ. කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (45-50) පමණ දක්වා වැඩිවිය හැක. සෙසු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 40 පමණ දක්වා වැඩිවිය හැක.
කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළුවේ.දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළුවේ.
187 Views
Comments