පොලිසියෙන් දීපු තෑගි මුදලට පොලිසියෙන්ම විදලා
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
11

පොලිසියෙන් දීපු තෑගි මුදලට පොලිසියෙන්ම විදලා

පොලිසියෙන් දීපු තෑගි මුදලට පොලිසියෙන්ම විදලා

පොලිසියෙන් පිරිනමන ලද ත්‍යාග මුදලක් පොලිස් නිලධාරියකු විසින් වංචාවෙන් ලබාගත් බව කියමින් කන්කසන්තුරේ පොලිස් අධිකාරි කාර්යාලයේ රාජකාරි කරන පොලිස් සැරයන්වරයකු පැමිණිල්ලක් කර ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක්  ඊයේ (10 වැනිදා) පැවසීය.  

 

කන්කසන්තුරේ පොලිස් අධිකාරී කොට්ඨාසය යටතේ පාලනය වන පොලිස් ස්ථානයක මුදල් අංශයේ නිලධාරියා විසින් මෙම වංචාව සිදුකර ඇති බව සැරයන්වරයා කර ඇති පැමිණිල්ලේ සඳහන් වන්නේ යැයි පොලිස් ආරංචිමාර්ග පවසයි.

 


නිවෙස්වලට ඇතුළු වී දේපොළ සොරකම් කිරීම්වලට අදාළව පරීක්ෂණ පවත්වා දේපොළ හා සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මෙම පොලිස් සැරයන්වරයාට ත්‍යාග මුදලක් වවුචර් පතක් මගින් පිරිනමා ඇත.

 

එම ත්‍යාග මුදල පොලිස් සැරයන්වරයාට ලබා නොදී මෙම පොලිස් නිලධාරියා වංචා කර ඇති බව එම උසස් පොලිස් නිලධාරියා කීය. ත්‍යාග මුදලට හිමිකම් කියන පොලිස් සැරයන්වරයා මේ බව පැමිණිලි කිරීමෙන් පසු විශේෂ පොලිස් කණ්ඩායමක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇත.

views

244 Views

Comments

arrow-up