පිටරටින් ආ කුඩු පාර්සලය ගන්න පැමිණි තරුණිය මාට්ටු
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
11

පිටරටින් ආ කුඩු පාර්සලය ගන්න පැමිණි තරුණිය මාට්ටු

පිටරටින් ආ කුඩු පාර්සලය ගන්න පැමිණි තරුණිය මාට්ටු

විදේශ රටක සිට ගුවන් මගින් එවා තිබු පාර්සලයක මත්ද්‍රව්‍ය තිබිම හේතුවෙන් එම පාර්සලය ලබා ගැනිමට ගාල්ල ප්‍රධාන තැපැල් කාරයාලයේ විදේශිය පාරසල් අංශයට පැමිණි තරුණියක අත්අඩංගුවට ගත් බව මත්ද්‍රව්‍ය නාශක කාරයංශය කියයි.

 

මෙසේ අත්අංගුවට ගෙන ඇත්තේ හබරාදුව  තල්පෙ  20හැවිරිදි තරුණියකි.

 

මෙම පාරසලය Maria Guada Lopa Santos 27 Toledo Yuba City Ca 05 95991 යන ලිපිනයේ සිට එවා ඇති අතර එය ලබා ගැනිම සඳහා ඇය තවත් අයකු තැපැල් කාරයාලයට පැමිණි අවස්ථාවේ විදේශිය පාර්සල් අංශයේ සේවකයන් විසින් එය පරික්ෂා කිරිමේදි එහි මත්ද්‍රව්‍ය බවට සැකකරන ද්‍රව්‍යයක් තිබිම නිසා ඔවුන් දෙදෙනා රඳවාගෙන රේගුවට දැනුම්දි ඇත.

 

පසුව රේගුව පැමිණ කරන ලද පරික්ෂණයේදි එම පරසලයේ තිබි කුෂ් නමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 1960ක් සොයාගෙන ඇත.

 

ඒ අනුව මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයට දැනුම් දිමෙන් පසු එහි නිලධාරින් පැමිණ නිලධාරින් පැමිණ සැකකාර තරුණිය අත් අඩංගුවට ගන්නා ලදී.

views

207 Views

Comments

arrow-up