විද්‍යා පීඨ සිසුවා මෙතෙක් හඳුනා නොගත් රෝගයකින් මරුට

වවුනියාවේ පූන්තෝට්ටම් ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ සිසුවකු මෙතෙක් හඳුනා නොගත් රෝගයකින් 16 දා රාත්‍රී මිය ගොස් තිබේ.
මියගිය සිසුවා නේවාසිකාගාරයේ සිට ඇති අතර ඔහු උණ රෝගයෙන් පෙළී ඊට ප්‍රතිකාර ලබා ගෙන තිබේ.
නමුත් හදිසියේම යළි උණ රෝගය උත්සන්න වීම නිසා ඔහු වවුනියාව රෝහල වෙත රැගෙන ගිය ද රෝහලට ඇතුළත් කිරීමට පෙර මියගොස් තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ මඩකලපුවේ සිට වවුනියාව ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයට අධ්‍යයන කටයුතු සඳහා පැමිණ සිටි එස්. සින්දුජන් නමැති 22 හැවිරිදි සිසුවෙකි.
වවුනියාව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.
211 Views
Comments