දකුණු අප්‍රිකානු ජනාධිපති රමෆෝසා මෙරට ජනාධිපති රනිල් සමග සාකච්ඡාවක

කෙටි සංචාරයක් සඳහා මෙරටට පැමිණි දකුණු අප්‍රිකාවේ ජනාධිපති සිරිල් රමෆෝසා මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ඡාවක නිරතවී තිබේ.
ඒ විශ්වාසනීය සත්‍ය සෙවීමේ යාන්ත්‍රණයක් මෙරට ස්ථාපනය කිරීමට දකුණු අප්‍රිකාවේ සහයෝගය ලබාගැනීම සම්බන්ධයෙනි.
දකුණු අප්‍රිකා ජනාධිපතිවරයා කෙටි සංචාරයක් සඳහා මෙරටට පැමිණියේ ඉන්දුනීසියාව පැවති G 20 සමුළුවට සහභාගි වී ආපසු යන අතරතුරදීය.
මේ අතර දිවයිනට පැමිණි දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයාගේ 70 වැනි උපන් දින සැමරුමට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ව තිබුණි.
188 Views
Comments