NOV
11
යාපනයේ ලිඳකින් මවකගේ හා බිළිදෙකුගේ මළ සිරුරු

යාපනය මිරුසුවිල් ප්‍රදේශයේ නිවසක් අසල ලිඳක තිබී මවකගේ හා බිළිඳෙකුගේ මළ සිරුරු දෙකක් සොයාගෙන තිබේ.
40 හැවිරිදි මවකගේ සහ මාස 07ක බිළිඳෙකුගේ සිරුරු දෙකක් මෙලෙස සොයාගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.
මියගිය කාන්තාව සහ ඇගේ සැමියා අතර ඊයේ (10) රාත්‍රියේ යම් බහින්බස් වීමක් සිදුව ඇති බව පොලීසිය පවසයි.
අදාළ සැමියාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර මේ වන විට ඔහු කොඩිකාමන් පොලිසියේ රඳවාගෙන සිටියි.
227 Views
Comments