අයහපත් කාලගුණය හේතුවෙන් දුම්රිය ගමනාගමනය සීමා වේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
09

අයහපත් කාලගුණය හේතුවෙන් දුම්රිය ගමනාගමනය සීමා වේ

අයහපත් කාලගුණය හේතුවෙන් දුම්රිය ගමනාගමනය සීමා වේ

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දුම්රිය ගමනාගමනය සීමා කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

 

මේ වන විට කොටුව බදුල්ල ප්‍රධාන මාර්ගයේ රඹුක්කන සහ කඩිගමුව දුම්රිය ස්ථාන අතර ස්ථාන දෙකක් නායයාමට ලක්ව තිබෙනවා.

 

ඉහළ කෝට්ටේ සහ බලන දුම්රිය ස්ථාන අතර ද මාර්ගය කොටස් කිහිපයක් නාය ගොස් තිබේ.

 

ඒ අනුව ප්‍රධාන දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු කොළඹ කොටුව සිට රඹුක්කන දක්වා පමණක් සිදුවනු ඇත.

 

දැදුරු ඔය පිටාර ගැලීම හේතුවෙන් පුත්තලම් මාර්ගයේද දුම්රිය ධාවනය කොළඹ කොටුවේ සිට හලාවත දක්වා පමණක් සීමා කර තිබෙනවා.

views

783 Views

Comments

arrow-up