බිත්තර සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල අත්හිටුවයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
15

බිත්තර සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල අත්හිටුවයි

බිත්තර සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල අත්හිටුවයි

 

පාරිභෝගික සේවා අධිකාරිය විසින් ඉදිරිපත් කරන ලද බිත්තර සඳහා වූ නව සංශෝධිත මිල ගණන් සම්බන්ධයෙන් එකඟ විය නොහැකි බව බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය අද (15) අභියාචනාධිකරණය වෙත දැනුම් දුන්නා.

 

ඒ අදාළ නඩුව අද (15) ප්‍රසන්ත ද සිල්වා සහ ඛේමා ස්වර්ණාධිපති යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි.

 

පාරිභෝගික සේවා අධිකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය අධිකරණය හමුවේ කියා සිටියේ ඊයේ (14) රැස්වූ පාරිභෝගික සේවා කවුන්සිලය විසින් සුදු බිත්තර සඳහා රුපියල් 42ක් සහ රතු බිත්තරක් සඳහා රුපියල් 44ක් උපරිම සිල්ලර මිලක් නියම කිරීමට තීරණය කළ බවයි.

views

237 Views

Comments

arrow-up