පෝයදා සිල්ගන්න ටිකට් නැතිව දුම්රියෙන් ගිය වයෝවෘද්ධ මවගේ දඩය පොලිසිය ගෙවයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
08

පෝයදා සිල්ගන්න ටිකට් නැතිව දුම්රියෙන් ගිය වයෝවෘද්ධ මවගේ දඩය පොලිසිය ගෙවයි

පෝයදා සිල්ගන්න ටිකට් නැතිව දුම්රියෙන් ගිය වයෝවෘද්ධ මවගේ දඩය පොලිසිය ගෙවයි

උඳුවප් පුන් පොහොය යෙදුණු ඊයේ (7) උදේ සිල් ගැනීමට අංගම්පිටියේ සිට පාදුක්කට දුම්රියෙන් ප්‍රවේශපත්‍රයක් නොමැතිව ගිය 70 හැවිරිදි වයෝවෘද්ධ මවකට රුපියල් 40 ක ප්‍රවේශපත්‍රයක් වෙනුවෙන් පාදුක්ක දුම්රිය ස්ථානාධිපතිවරයා නිකුත් කර තිබූ රුපියල 3,600 ක දඩ මුදල පාදුක්ක පොලිසිය විසින් ගෙවා දමා එම වයෝවෘද්ධ කාන්තාව මුදාහරිනු ලැබ ඇතැයි වාර්තා වේ. 

 

කාන්තාව පාදුක්ක අංගම්පිටියේ සිට දුම්රිය ස්ථාන දෙකක දුරින් පිහිටි පාදුක්ක දුම්රිය ස්ථානයට ඊයේ උදේ පැමිණ ඇති අතර, පාදුක්ක දුම්රිය ස්ථානයේ සිටි නිලධාරීන් ඇය සතුව ටිකට්පතක් නොමැති බව පවසා ටිකට්පතක් නොමැතිව දුම්රියේ ගමන් කිරීමේ වරදට ඔවුන්ගේ බාරයට ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.



ටිකට්පතේ වටිනාකම රුපියල් 40ක් වුවද, ටිකට් ගැනීමට මුදල් නොමැතිකමින් තමන් ටිකට්පතක් නොගෙන දුම්රියෙන් පැමිණි බවට එම කාන්තාව එහි සිටි නිලධාරින්ට පවසා ඇත.  ටිකට්පතක්  නොමැතිව දුම්රියේ ගමන් කළ වරදට පාදුක්ක දුම්රිය ස්ථානාධිපතිවරයා   කාන්තාවට රුපියල් 3600ක දඩ පත්‍රිකාවක් ලබා දී ඇති අතර, ඇය එහි දී නිලධාරීන් සමග බහින් බස්වී ඇති බව ද දුම්රිය නිලධාරීන් පොලිසියට පවසා ඇත.

 

දඩ කොළය ලබාදුන් දුම්රිය ස්ථානාධිපතිවරයා සිද්ධිය පාදුක්ක පොලිසියට දැනුම් දී වයෝවෘද්ධ කාන්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද දන්වමින් පොලිසියට බාර දුන් බව පොලිස් ආරංචි මාර්ග පවසයි.පොලිස් නිලධාරීන් බාරයට ගත් වයෝවෘද්ධ මවට පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු එහි නිලධාරීන් ආහාර පානවලින් සංග්‍රහ කර ඇති අතර, ඇයට නිකුත් කර තිබූ රුපියල් 3600 ක දඩ මුදල පොලිස් නිලධාරීන් විසින් මුදල් එකතුකර ගෙවා දමනු ලැබ ඇත.



මුදල්  නොමැතිව සිටි ඇයට පොලිස් නිලධාරීන් මුදල් ද ලබා දී තිබේ.පොහෝ දිනයේ ආහාර පවා නොමැතිව කුසගින්නේ සිටි තමන්ට ආහාරවලින් සංග්‍රහකර, දඩ පත්‍රිකාව ගෙවා දැමීමට ඉදිරිපත් වූ පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු සියලු පොලිස් නිලධාරීන්ට ස්තූතිය පුදකර කාන්තාව පොලිස්  ස්ථානයෙන් පිටත්ව ගොස් ඇත.
ඉන්දිකා රාමනායක

views

252 Views

Comments

arrow-up