අන්තර්ජාල වීඩියෝ නරඹා ස්නයිපර් ගිනිඅවියක් නිපද වූ තරුණයා රිමාන්ඩ්

අන්තර්ජාල වීඩියෝ නරඹමින් ස්නයිපර් ගිනි අවියක් සකස් කිරීමේ චෝදනා මත 28 හැවිරිදි තරුණයෙකු මේ මස 05 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පානදුර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
වාද්දූව කල්පිටිය ප්‍රදේශයේ පදිංචි මෙම තරුණයා පෙරේරා (30) අත්අඩංගුවට ගෙන තිබුණේ පොලීිසියට ලද තොරතුරකට අනුවය.
පොලීසිය සඳහන් කළේ සුදු යකඩ සහ ඇලුමිනියම් වැනි ද්‍රව්‍ය යොදා ගනිමින් මෙම තරුණයා අදාළ ගිනි අවිය නිපදවා ඇති බවයි.
ගිනි අවියට යොදාගන්නා පතොරම් ද ඔහු විසින් ම නිර්මාණය කර ගෙන තිබෙන බව පොලීසිය පවසයි.
294 Views
Comments