ජනපති රනිල් ඩී. ඒ. රාජපක්ෂ ගුණ සමරුවට එක්වෙයි

දිවංගත ඩී.ඒ. රාජපක්ෂගේ 55වන ගුණ සමරුව නිමිත්තෙන් සංවිධානය කළ විශේෂ ගුණ සමරු දේශනයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහභාගී වී තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ රාජපක්ෂ අනුස්මරණ අධ්‍යාපනික, සංස්කෘතික හා සමාජ සේවා පදනම විසින් මෙම උළෙල සංවිධානය කර තිබු බවය.
මෙම උළෙලේ මුලසුන මහා විහාර වංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක මිනුවන්ගොඩ පත්තඩුවන භික්ෂු අභ්‍යාස ආයතනාධිපති පූජ්‍ය නැදගමුවේ විජයමෛත්‍රී හිමි විසින් හොබවා තිබුණි.
“එක් තීරයක් - එක් මාවතක් තිරසාර සංවර්ධනයට උගත හැකි පාඩම්" යන මැයෙන් මැලේසියාවේ ක්වාලාලම්පූර් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සමිත හෙට්ටිගේ විසින් මෙහිදී ප්‍රධාන ගුණ සමරු දේශනය සිදුකර තිබේ.
එම ගුණ සමරු දේශනය ඇතුළත් කෘතිය එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත පිළිගැන්වීම ද සිදු කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
277 Views
Comments