ධීවර ප්‍රජාවට දැනුම්දීමක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
18

ධීවර ප්‍රජාවට දැනුම්දීමක්

ධීවර ප්‍රජාවට දැනුම්දීමක්

කන්කසන්තුරේ සිට ත්‍රිකුණාමලය හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවලට සහ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයට අද(18) සිට දින හතරක් යාත්‍රා නොකරන ලෙසට ධීවර ප්‍රජාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් දැනුම් දී තිබෙනවා.

ඒ ගිනිකොනදිග බෙංගාලබොක්ක සහ ඊට යාබද උතුරු අන්දමන් සාගරය ආශ්‍රිත ව පවතින අඩු පීඩන කලාපය හෙට වන විට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් පැවතීම හේතුවෙනුයි.

මේ හේතුවෙන් කන්කසන්තුරේ සිට ත්‍රිකුණාමලය හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව ද ඔවුන් දන්වා තිබෙනවා. 

views

186 Views

Comments

arrow-up