නැගෙනහිර ප්‍රධාන මැර කල්ලියක සාමාජිකයෙක් මත්කුඩු සමඟ කොටුවෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
09

නැගෙනහිර ප්‍රධාන මැර කල්ලියක සාමාජිකයෙක් මත්කුඩු සමඟ කොටුවෙයි

නැගෙනහිර ප්‍රධාන මැර කල්ලියක සාමාජිකයෙක් මත්කුඩු සමඟ කොටුවෙයි

නැගෙනහිර පළාතේ ක්‍රියාත්මක ”‍කුට්ටිපුලි”‍ නමින් ක්‍රියාත්මක මැර කල්ලියේ ක්‍රියාකාරී සාමාජිකයෙකු හෙරොයින් මත්කුඩු සමඟ අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.

 

පොලිස් විශේෂ කාර්යය බළකා ත්‍රිකුණාමල කඳවුරේ නිලධාරින්ට ලද තොරතුරක් අනුව උප්පුවේලි මිහිඳුපුර හන්දියේදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

 

සැකකරු ඇතුළු සෙසු සාමාජිකයින් ත්‍රිකුණාමලය ප්‍රදේශයේ මහජන බියවැද්දීම් පහරදීම් ඇතුළු මැර කල්ලි ක්‍රියා රැසක් පසුගිය කාලය තුළ සිදුකර තිබූ බවත් පොලිසිය පවසයි.

 

අත්අඩංගුවට ගත් සැකකරු කාන්තාවක් දූෂණයට ලක් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ ත්‍රිකුණාමලය කොට්ඨාස බුද්ධි ඒකකය මඟින් ජීව අත්බෝම්බයක් සමඟ අත්අඩංගුවට ගෙන අධිකරණය පත් කිරීමෙන් පසු ඇප මත සිටින්නෙක් බවත් පොලිසිය සඳහන් කරයි.

 

සැකකරු ත්‍රීකුණාමලය දේවනගර් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 27ක පුද්ගලයෙකි.

views

209 Views

Comments

arrow-up