හංගගන්න වෙන තැනක් තිබුණේම නැද්ද? කාගෙත් ඇස් වහලා කාන්තාවක් තිසරපට අස්සේ හංගගෙන හිටපු දේ මෙන්න
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
02

හංගගන්න වෙන තැනක් තිබුණේම නැද්ද? කාගෙත් ඇස් වහලා කාන්තාවක් තිසරපට අස්සේ හංගගෙන හිටපු දේ මෙන්න

හංගගන්න වෙන තැනක් තිබුණේම නැද්ද? කාගෙත් ඇස් වහලා කාන්තාවක් තිසරපට අස්සේ හංගගෙන හිටපු දේ මෙන්න

තිසරපට අස්සේ හෙරොයින් සඟවාගෙන සිටි කාන්තාවක් රුපියල් 920,000ක ජාවාරම් මුදල් සහ තවත් සැකකරුවන් තිදෙනෙකු සමඟ පසුගිය 31 වනදා රාත්‍රී අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය සඳහන් කරයි.

 

පානදුර ප්‍රදේශයේ ප්‍රධාන මත්කුඩු ජාවාරමකට සම්බන්ධ 42 හැවිරිදි කතක් සහ ඇගෙන් මත්කුඩු ලබාගැනීමට පැමිණි මාතර, රත්නපුර සහ හොරණ ප්‍රදේශයේ පදිංචි 23, 27 සහ 28 වියැති පුද්ගලයින් තිදෙනකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි.


ප්‍රධාන පොලිස් පරීක්ෂක චමිල නිශ්සංක ඇතුළු පොලිස් කණ්ඩායම මඟරැක සිට සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සැකකාරියගේ නිවෙස වටලා තිබේ.

 

එහිදී කාන්තා කොස්තාපල් වික්‍රමසිංහ ලවා පරීක්ෂා කිරීමේදී ඇඳ සිටී තිසරපට අස්සේ සඟවාගෙන තිබූ හෙරොයින් සහ ඇඳක මෙට්ටය යට සඟවා තිබූ ජාවාරම් මුදල් රුපියල් නවලක්ෂ විසිදහසක මුදලක් සොයාගත් බව පොලිසිය පවසයි.

 

සැකකරුවන් සන්තකයේ තිබූ මුළු හෙරොයින් මත්කුඩු ප්‍රමාණය ග්‍රෑම් සියයකට ආසන්න බව පැවසේ.

 

සැකකරුවන් පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

views

245 Views

Comments

arrow-up