රාජ්‍ය ඉදිකිරීම් 70% ක් අත්හිටුවයි

මේ වන විට රාජ්‍ය ඉදිකිරීම් 70% ක් පමණ අත්හිටුවා ඇති බව ශ්‍රී ලංකා ඉදිකිරීම් සංගමය පවසයි.
ශ්‍රී ලංකා ඉදිකිරීම් සංගමය පෙන්වා දෙන්නේ රජය විසින් ගෙවීමට ඇති මුදල් නොගෙවීම හේතුවෙන් ඉදිකිරීම් ක්ෂේත්‍රය දැඩි අර්බුදයකට පත්ව ඇති බවයි.
එම සංගමයේ සභාපති සුසන්ත ලියනාරච්චි මහතා පවසන්නේ මේ වන විට පෞද්ගලික අංශයේ ඉදිකිරීම් කටයුතු සිදු කිරීම ද සිහිනයක් වී ඇති බවත් ඉදිරියේ දී ඉදිකිරීම් කටයුතු සිදු කිරීම ද සිතීමට නොහැකි බවයි.
ඒ මහතා වැඩිදුරටත් සදහන් කළේ පවතින උද්ධමනය හමුවේ ඉදිකිරීමක් ආරම්භ කරන විට ඇස්තමේන්තු කරන මුදල ඉදිකිරීම අවසන් වන විට විශාල වශයෙන් වැඩිවන බවයි.
238 Views
Comments