පොලීසියෙන් බේරෙන්න වැවට පැන්න තරුණයා මිය යයි

අද (19) උදෑසන කුරුණෑගල වැව් ඉවුර දිගේ දුව ආ තරණයෙකු පිළිබඳ සැක සිතුණු පොලිසිය ඔහුව සෝදිසි කිරීමට උත්සාහ කර තිබේ.
එම අවස්ථාවේදී තරුණයා එක්වර ම කුරුණෑගල වැවට පැන තිබේ.
එලෙස වැවට පැන්න තරුණයා වැවේ ගිලී අතුරුදහන්ව ඇත.
පොලිස් ජීවිතාරක්ෂක ඒකකය වැවේ කිමිදී සිදුකළ සෝදිසි මෙහෙයුමකින් පසුව මිය ගොස් සිටි තරුණයාගේ සිරුර හමුවී තිබේ.
මියගොස් සිටි තරුණයාගේ අත තුළ සඟවාගෙන සිටි මත් කුඩු බවට සැකකරන පැකට්ටුවක් විමර්ශනවලදී පොලීසිය විසින් සොයාගෙන ඇත.
කෙසේ වෙතත් කුරුණෑගල පොලීිසිය විසින් සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරයි.
254 Views
Comments