දරිද්‍රතාවයෙන් අසරණ වූ පවුලක් ගැන අඳුරු කතාවක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
12

දරිද්‍රතාවයෙන් අසරණ වූ පවුලක් ගැන අඳුරු කතාවක්

දරිද්‍රතාවයෙන් අසරණ වූ පවුලක් ගැන අඳුරු කතාවක්

මල් අලෙවි කර ජීවත් වූ පවුලක් අද පත්වී ඇති අසරණ තත්ත්වය පිළිබඳව අනුරාධපුර ධාතුසේනපුර දියවර ගම්මානයෙන් වාර්තා වනවා.

මෙම පවුල කටුමැටි නිවසක තම ජීවිකාව ගෙන යන අතර ඔවුන්ට පෙර පාසල් වයසේ කුඩා දියණියක් ද සිටිනවා.

පවතින ආර්ථික අපහසුතා හේතුවෙන් ඇය පෙර පාසල් නොයන අතර මොවුන් දිවි සරි කර ගන්නේ වැවට ගොස් මල් කඩා විජිතපුර පුදබිමේ අලෙවි කළ ලැබෙන සොච්චමකින්.

දෛනිකව කුලී රස්සාවක් හෝ තම සැමියාට නොලැබෙන තත්ත්වයක් තුළ මහා වැස්සකදී වැසි ජලයෙන් පිරෙන දිරාගිය ටකරන් සෙවිලි කළ කටුමැටි නිවසේ කුඩා දැරිය සමග ජීවත් වීම බෙහෙවින් දුෂ්කර බවයි දියණියගේ මව ප්‍රකාශ කර සිටින්නේ.

දහසක් බාධා මැද වුවද මිනිසුන් වෙනුවෙන් කැප වන උතුම් හදවතක් ඔවුනට හමු වේවායි අපි ප්‍රාර්ථනා කරමු.

views

349 Views

Comments

arrow-up