සුනඛයෙකුට පොරවකින් කොටමින් වධදුන් මිනිස් සුනඛයින් තිදෙනා අත්අඩංගුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
06

සුනඛයෙකුට පොරවකින් කොටමින් වධදුන් මිනිස් සුනඛයින් තිදෙනා අත්අඩංගුවට

සුනඛයෙකුට පොරවකින් කොටමින් වධදුන් මිනිස් සුනඛයින් තිදෙනා අත්අඩංගුවට

සුනඛයෙකු අල්ලාගෙන ඌට පොරවකින් කොටමින් දැඩි ලෙස හිංසාවට පත් කිරීම සම්බන්ධයෙන් යාපනයේ පුංගුඩුතීව් ප්‍රදේශයේ තරුණයින් තිදෙනෙකු කයිට්ස් පොලීසිය විසින් 05 වනදා අත්අඩංගුවට ගෙන ඇත.

 

තරුණයින් තිදෙනා සුනඛයා අල්ලා ගැනීමේ සිට මරා වළ දමන අවස්ථාව දක්වා දර්ශන පෙලක් සමාජ මාධ්‍ය වෙත මුදා හැර ඇති අතර ඒ ඔස්සේ පොලිසියට ලැබුණු තොරතුරු අනුව සිද්ධියට සම්බන්ධ මොවුන් අත්අඩංගුවට ගෙන තිබේ.

 

සුනඛයා මරා දමන අවස්ථාව වීඩියෝ කළ හා ඡායාරූප ලබාගත් ජංගම දුරකතනයද පොලිසිය විසින් සොයාගෙන එයද අත්අඩංගුවට ගෙන ඇත.

 

මේ ක්‍රියාවට සම්බන්ධ ප්‍රධාන තරුණයා පොලිසියට බියෙන් පළාතෙන් පලා ගොස් ඇති අතර ඔහුවද පසුව අත්අඩංගුවට ගැනීමට පොලිසිය පියවර ගෙන තිබිණි.

views

321 Views

Comments

arrow-up