අංක තහඩු වෙනස් කර හොරාට තෙල් ගන්න ආ යතුරු පැදිය 65,000ක, බස් රථය 50,000ක දඩ කයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
30

අංක තහඩු වෙනස් කර හොරාට තෙල් ගන්න ආ යතුරු පැදිය 65,000ක, බස් රථය 50,000ක දඩ කයි

අංක තහඩු වෙනස් කර හොරාට තෙල් ගන්න ආ යතුරු පැදිය 65,000ක, බස් රථය 50,000ක දඩ කයි

ඉන්ධන ලබාගැනීමට අංක තහඩු වෙනස් කරගෙන වේයන්ගොඩ සිපෙට්කෝ ඉන්ධන පිරවුම් හලට පැමිණි යතුරුපැදිකරුවෙකු සහ බස් රථ රියැදුරෙකු වේයන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු යතුරුපැදිකරුට රු.65,000ක සහ බස් රථ රියැදුරුට රු.50,000ක දඩයක් ගෙවන ලෙසට නියෝග කළේය.

 

මෙලෙස දඩ නියමව ඇත්තේ දිවුලපිටිය සහ හීන්දෙනිය, පට්ටිගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනකුට බව පොලිසිය පවසයි. 


වේයන්ගොඩ පොලිසිය විසින් යතුරුපැදිය සහ බස්රථය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

views

274 Views

Comments

arrow-up