පොලිස් අධිකාරිගේ නිවසට මහ දවල් හොරු පැන රන් භාණ්ඩ කොල්ල කාලා
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
30

පොලිස් අධිකාරිගේ නිවසට මහ දවල් හොරු පැන රන් භාණ්ඩ කොල්ල කාලා

පොලිස් අධිකාරිගේ නිවසට මහ දවල් හොරු පැන රන් භාණ්ඩ කොල්ල කාලා

දැනටමත් රාජකාරියේ නිරත පොලිස් අධිකාරිවරයෙකු පදිංචි පානදුර ප්‍රදේශයේ නිවසකට මහ දවාලේ ඇතුළු වී එහි තිබූ රන් භාණ්ඩ තොගයක් සොරකම් කර ඇති බවට ලැබී ඇති පැමිණිල්ලක් අනුව පරීක්ෂණ ආරම්භ කළ බව පානදුර දකුණ පොලිසිය කියයි. 

 

නිවසේ සාලයේ ජනේලය උල් ආයුධයකින් කඩා ඇතුළු වී නිවසේ තිබූ රන් අත් පළඳනාවක් සහ රන් මුදුවක් සොරකම් කර ඇති බවට දැනට හෙළිව ඇති බව පොලිසිය පවසයි. 

 

පෙරේදා(28) දිවා කාලයේ අදාළ පොලිස් අධිකාරිවරයා සහ නිවසේ කිසිවකු නොසිටි අවස්ථාවේ මෙම සිද්ධිය සිදුවී ඇති බවට මෙතෙක් කළ පරීක්ෂණ වලදී තහවුරුව ඇතැයිද පොලිසිය සඳහන් කරයි. 

 

ප්‍රදේශයේ ආරක්ෂක කැමරා දර්ශන අනුව සැකකකරුවන් සොයා මෙහෙයුම් සිදු කරන බව උසස් පොලිස් නිලධාරීයෙක් කීවේය. 

 

පානදුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීගේ ප්‍රධානත්වයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

views

271 Views

Comments

arrow-up