අහංගම හෝටලයකදී වෙඩි තැබීමක් - තිදරු පියෙක් මරුට සංවේදී දර්ශන සහිතයි

අහංගම, ගොවියාපාන ප්‍රදේශයේ සයුරිමා නැමැති හෝටලයේදී පසුගිය 04 වනදා රාත්‍රි 9.30ට පමණ සිදුවූ වෙඩි තැබීමකින් වැලිගම මිදිගම තුර්කි ගම්මානයේ පදිංචි අමිල සඳරුවන් නමැත්තා මියගොස් ඇතැයි අහංගම පොලිසිය පවසයි.
මියගිය පුද්ගලයා වයස අවුරුදු 44ක තිදරු පියෙකි. වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ එම ප්‍රදේශයේ විදුලිය විසන්ධි වී තිබූ බව පොලිසිය කියයි.
එබැවින් වෙඩි තැබීම සීසීටීවීවල පටිගත වී නොමැති අතර මරණයට පත් පුද්ගලයා මත්පැන් පානය කිරීමට මෙම හෝටලයට පැමිණ ඇත.
වෙඩි තැබීම සිදුකළ ස්ථානයේ සිටි සේවකයෙකුද මෙම වෙඩි ප්‍රහාරය හේතුවෙන් තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.
වෙඩි තැබීමෙන් මියගොස් ඇති අමිල සඳරුවන් පසුගිය වසරේ අගෝස්තු 05 වැනි දින රාත්‍රි මිදිගම ප්‍රදේශයේදී තවත් දෙදෙනෙකු සමඟ එක්වී ලියන ගමගේ ඉෂාර සංජීව නමැත්තා තියුණු ආයුධවලින් කපාකොටා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරුවේ.
මොහුගේ ඝාතනය සිදු වූයේ මෙම අගෝස්තු 04 වැනිදාය. පසුගිය වසරේ අගෝස්තු මස 05 වැනි දින ඝාතනයට ප්‍රධාන සැකකරු වූ අමිල සඳරුවන් ඇතුළු පිරිසගේ පහරදීම හේතුවෙන් මියගිය ඉෂාර සංජීව මියගොස් වසරක් ගතවීම නිමිත්තෙන් සිදුකරන ලද අවුරුද්දේ දානමය පිංකම ඊයේ (05 දා) වැලිගම මිදිගම ප්‍රදේශයේ දී සිදුකර ඇත.
එහෙත් වෙඩි තැබීම හේතුවෙන් මියගිය අමිල සඳරුවන්ගේ මව ප්‍රකාශ කර සිටියේ තම පුතා පසුගිය වසරේ නිකරුණේ මිනී මැරීමේ චෝදනාවට සැකකරුවෙකු ලෙස නම් කර තිබූ බවයි.
ඇය තවදුරටත් ප්‍රකාශ කළේ මෙම ඝාතනය නිසා පියා නැති දියණියන් තිදෙනකු අසරණ වන බවයි.
මිනීමැරුම් චෝදනා ලබා වසරක් යෑමට පෙර දින ඔහු වෙඩි තබා ඝාතනය කළේ කවුරුන්දැයි මෙතෙක් අනාවරණය වී නොමැති අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු අහංගම පොලිසිය සිදු කරයි. සිද්ධිය වූ සැනින් වැලිගම මිදිගම අහංගම පොලිස් ස්ථානවලින් සහ අක්මීමන විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් ද සිද්ධිය වූ ස්ථානය වෙත පැමිණ සිටි අතර රාත්‍රි පොලිස් සොකෝ පරීක්ෂණ කටයුතු සිදු කරන ලදී.
347 Views
Comments