කුඩු ග්‍රෑම් එකකට සහ රු.15,000කට එකකුස උපන් නැගෙණිය විකිණු අක්කා අත්අඩංගුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
30

කුඩු ග්‍රෑම් එකකට සහ රු.15,000කට එකකුස උපන් නැගෙණිය විකිණු අක්කා අත්අඩංගුවට

කුඩු ග්‍රෑම් එකකට සහ රු.15,000කට එකකුස උපන් නැගෙණිය විකිණු අක්කා අත්අඩංගුවට

15 හැවිරිදි තම නැගණිය හෙරොයින් ග්‍රෑමයකට හා රුපියල් 15,000ක මුදලකට සහ හෙරොයින් ජාවාරම්කරුවෙකුට විකුණූ බවට සැකකරන අක්කා පෙරේදා(28) අත්අඩංගුවට ගත් බව මිනුවන්ගොඩ පොලිසිය කියයි. 

 

මිනුවන්ගොඩ මොරගොඩවත්ත ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටි 26 හැවිරිදි එක්දරු මවක මෙලෙස අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය සඳහන් කරයි.

 
මුදල් සහ හෙරොයින් ලබාදී එම දැරිය ලබාගත් මිනුවන්ගොඩ බටහිර නිල්පනාගොඩ ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි හෙරොයින් ජාවාරම්කරුවද හෙරොයින් මිලිග්‍රෑම් 5120ක් සමඟ අරුඅඩංගුවට ගෙන ඇත.  

 

අදාළ දැරියගේ මව හෙරොයින් ජාවාරම් කිරිම් චෝදනාව මත බන්ධනාගාරගතව ඇත. 

 

දැරීයව විකුණූ අක්කා හෙරොයින් පානයට තදින්ම ඇබ්බැහිවී සිටින්නියක බව පොලීසිය පවසයි. 

 

දැරියගේ මව බන්ධනාගාරගත වූවායින් පසු දැරිය රැකබලාගත ඇත්තේ මෙම තැනැත්තිය විසින් බවට පොලිස් පරික්ෂණවලදී අනාවරණය වී ඇත. 


මිනුවන්ගොඩ පොලීසියේ නිලධාරින් පිරිසක් විසින් එම නිවසේ සිටින කුඩා දැරිය පිළිබද විමසා තිබේ. 

 

එම අවස්ථාවේ නිවසේ සිටි සැකකරුගේ මව සිද්ධිය අනාවරණය කිරිමෙන් පසු දැරිය පොලිසිය භාරයට ගෙන සැකකාර අක්කාව අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

 

මව බන්ධනාගාරගත වූ දින නිවසේ තනියම සිටි මෙම බාල වයස්කාර දැරියව එම නිවසට පැමිණි පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයක් පෙන්වා අපයෝජනයට ලක්කර ඇති බවට පරික්ෂණවලදී අනාවරණය වී ඇති බවද පොලිසිය කියයි.

 

එම සැකයද හෙරොයින් ජාවාරම් කිරිම් චෝදනාවක් මත මේ වනවිට බන්ධනාගාරගතව සිටින බවට පොලිස් පරික්‍ෂණවලදී අනාවරණය වී තිබේ. 

 

එම දැරිය, ඇගේ අක්කා සහ දැරියව මිලට ගත් පුද්ගලයා මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවද පොලිසිය පැවසීය. 
 

views

603 Views

Comments

arrow-up