“ජනතාවට හමුදාව පහර දුන්නොත් මූලස්ථාන සුනුවිසුනු වේවි, අරගලයක් දිනන්න ජීවිත පූජා කල යුතුයි” - ෆොන්සේකාගේ ආන්දෝලනාත්මක ප්‍රකාශය (VIDEO)
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
06

“ජනතාවට හමුදාව පහර දුන්නොත් මූලස්ථාන සුනුවිසුනු වේවි, අරගලයක් දිනන්න ජීවිත පූජා කල යුතුයි” - ෆොන්සේකාගේ ආන්දෝලනාත්මක ප්‍රකාශය (VIDEO)

“ජනතාවට හමුදාව පහර දුන්නොත් මූලස්ථාන සුනුවිසුනු වේවි, අරගලයක් දිනන්න ජීවිත පූජා කල යුතුයි” - ෆොන්සේකාගේ ආන්දෝලනාත්මක ප්‍රකාශය (VIDEO)

ව්‍යවස්ථාවට අනුව අරගල කල නොහැකි බවත් ඉන් පිටත අරගල කර අරමුණු ජය ගත යුතු බවත් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි.

 

අරගලයකදී ජිවිත පුජා කිරීමට අවශ්‍ය වුවොත් එය කල යුතු බවත් එවිට එම පවුල් වල පිරිස එම ජිවිත පුජා කල අය වීරයන් සේ සමරනු ඇති බවත් හෙතෙම සඳහන් කරයි.

 

අරගලකරුවන්ට වෙඩි තැබීමක් සිදු කළහොත් 20-25ක් මිය යා හැකි බවත් එයින් අරගලය නවතින්නේ නැති බවත් ජාත්‍යන්තර මැදිහත් වී ගුවනින් පැමිණ හමුදාවට පහරදී මුලස්ථාන පවා සුනු විසුනු කල හැකි බවත් ඔහු පෙන්වා දෙන්නේ මැද පෙරදිග රටවල් උදාහරණ ලෙස දක්වමිනි.


 
එම නිසා එවන් අණ පිලිනොපදින්න නැවතත් හමුදාවට අවධාරණය කර සිටින බව පැවසූ ඔහු හමුදාව ව්‍යවස්ථාව ආරක්ෂා කල යුතු බව පවසයි.

 

අරගලය ඇතුලත විවිධ කණ්ඩායම් සිටින බවත් මුදල් ලැබෙන කණ්ඩායම් සිටින බවත් රාත්‍රියේ දේශපාලකයන් සමඟ කා බි උදේ අරගල භුමියේ සිටින කණ්ඩායම් සිටින බවත් ඔහු සඳහන් කරයි.

 

ඔහු මෙම අදහස් පල කළේ අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමිනි.

 

 

views

291 Views

Comments

arrow-up