ලංකාවේ දරුණු කොවිඩ් ප්‍රභේදයක්

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අසාත්මිකතා ප්‍රතිශක්තිවේදය සහ සෛල ජීව විද්‍යා අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතාට අනුව ලංකාව තුළ පැතිර යන කොවිඩ් වෛරස ප්‍රභේදය රට තුළ දරුණු තත්ත්වයක් ඇති කළ හැක.
ඔමික්‍රෝන් අනු ප්‍රභේදයක් වන බී.ඒ.5 නම් මෙම වෛරසය කොවිඩ්-19 හඳුනාගත් පසු හමු වූ වේගවත්ම පැතිරීමක් පෙන්වන ප්‍රභේදය බවයි පැවසෙන්නේ.
ලෝකයේ වේ වනවිට කොරෝනා පැතිරීමට ප්‍රධානම හේතුව මෙම ප්‍රභේදය බවත්, ශ්‍රීලංකාවේ ද කොළඹ ආශ්‍රිතව මෙය හඳුනාගෙන ඇති බවත් වෛද්‍යවරයා ප්‍රකාශ කර ඇත.
මේ නිසා ඉදිරියේදී රෝගීන් වැඩිවීමේ අවදානමක් තිබෙන බවත්, එයට සුදුසු පරිදි සූදානම් විය යුතු බවත් දන්වා ඇත.
299 Views
Comments