පාර්ලිමේන්තුවට යන්නටත් පෙර ධමමිකට නඩුවක්

බැසිල් රාජපක්ෂගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සඳහා පත්කර ගැනුණු මෙරට ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන ධම්මික පෙරේරාගේ අදාළ පත් කිරීමට එරෙහිව නඩු පැවරීමට හිටපු කථානායක කරු ජයසූරිය සහ සිවිල් ක්‍රියාකාරිකයෙකු වන නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු ඇතුළු පිරිසක් මේවන විට කටයුතු කරමින් සිටියි.
අන්තර්ජාල නාලිකාවක් සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු මෙම කරුණු හෙළි කර ඇත.
ඔහු පවසන්නේ ධම්මික පෙරේරා පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයට පත් කිරීම මගින් ජනතා පරමාධිපත්‍යය බලය බරපතළ ලෙස අභියෝගයට ලක් කර ඇති බවයි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් හිටපු කතානායක කරු ජයසූරියද මේ පිළිබඳ තමන්ගෙන් විමසීමක් සිදුකළ බවද කොඩිතුවක්කු මෙහිදී පවසා තිබේ.
මීට අමතරව රටේ ප්‍රධාන දේශපාලන නායකයන් කිහිප දෙනෙකුගේම වත්කම් ප්‍රකාශයන් සම්බන්ධයෙන් ද ඔහු මෙම සාකච්ඡාවේදී කරුණු රැසක් හෙළි කර ඇත.
629 Views
Comments