සිකුරාදා රජයේ සේවකයින්ට නිවාඩු දෙන හේතුව එළියට
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
05

සිකුරාදා රජයේ සේවකයින්ට නිවාඩු දෙන හේතුව එළියට

සිකුරාදා රජයේ සේවකයින්ට නිවාඩු දෙන හේතුව එළියට

රජයේ සේවකයින්ට සිකුරාදා දිනවල රැකියාවෙන් නිවාඩු ගෙන ගෙවතු සහ අනෙකුත් ඉඩම් වගා කිරීමේ විකල්පය ලබාදීමේ යෝජනාවක් රජය විසින් සලකා බලමින් සිටින බව වාර්තාවේ.

 

සිකුරාදා දින රැකියාවෙන් ඉවත් වීමට කැමති රාජ්‍ය සේවකයින්ට තම ගෙවත්තේ හෝ වෙනත් ඉඩම්වල ආහාර වගා කිරීමට නිවාඩු දිනය යොදා ගැනීම සහතික කිරීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විය යුතුය.

 

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සමඟ මෙම යෝජනාව සාකච්ඡා කර ඇති බවත් එය කඩිනමින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවත් දැනගන්නට ඇත.

 

සිකුරාදා දින ඇතැම් කාර්යාල අවම කාර්ය මණ්ඩලයකින් ක්‍රියාත්මක විය හැකි බැවින් මෙම යෝජනාව සලකා බලා තිබේ.

 

දැනටමත් සමහර කාර්යාල සිකුරාදා වසා දමා ඇත.

views

760 Views

Comments

arrow-up