MAY
29
හරිතාගාරයක ගංජා වැවූ එක්දරු මව මාට්ටු

හරිතාගාරයක් තුල ගංජා වගා කළ එක්දරු මවක් නුවරඑලිය පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකාරිය සමඟ ගංජා පැළ 1700ක් ද වැලිමඩ පොලිසිය වෙත භාර දුන් බව විශේෂ කාර්ය බලකාය පවසයි.
නුවරඑළිය පොලිස් විශේෂ කාර්ය බලකායට ලද තොරතුරක්මත මෙම වැටලිම සිදුකර තිබේ.
වැලිමඩ, මියන්අරාව ප්‍රදේශයේ නිවසක ඉඩමේ හරිතාගාරයක් තුළ මෙම ගංජා වගාව සිදුකරගෙන ගොස් ඇති අතර අත්අඩංගුවට ගත් සැකකාරියගේ සැමියා යුද හමුදා සෙබලෙකු බව වැටලිම සිදු කළ නුවරඑලිය පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් පැවසීය.
618 Views
Comments